
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත් කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කිරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථාතත්ත්වයට ගැනීමට හැකියාව ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේය. මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තුතිය පුදකරන බවත් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමටද හැකියාව ලැබුණු බවත්ය. ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනා එකට එකතු වී ඉදිරි මැතිවරණවලදී හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවද විජයවර්ධන මහතා පැවැසීය.
Party | LG Polls 2025 Votes | LG Polls 2025 % | Parliamentary 2024 Votes | Parliamentary 2024 % | Vote Difference | % Difference |
---|---|---|---|---|---|---|
NPP | 4,503,930 | 43.26% | 6,863,186 | 61.56% | -2,359,256 | -18.30% |
SJB | 2,258,480 | 21.69% | 1,968,716 | 17.66% | +289,764 | +4.03% |
SLPP | 954,517 | 9.17% | 350,429 | 3.14% | +604,088 | +6.03% |
UNP | 488,406 | 4.69% | 66,234 | 0.59% | +422,172 | +4.10% |
ITAK | 307,657 | 2.96% | 257,813 | 2.31% | +49,844 | +0.65% |
SB | 294,681 | 2.83% | 178,006 | 1.60% | +116,675 | +1.23% |
SLMC | 139,858 | 1.34% | 87,038 | 0.78% | +52,820 | +0.56% |
DTNA | 89,177 | 0.86% | 65,382 | 0.59% | +23,795 | +0.27% |
NDF | N/A | N/A | 500,835 | 4.49% | N/A | N/A |
PA | 387,098 | 3.72% | N/A | N/A | N/A | N/A |
ACMC | 75,268 | 0.72% | N/A | N/A | N/A | N/A |
CWC | 71,655 | 0.69% | N/A | N/A | N/A | N/A |
Saru FM Media