අපි ලංකාවේ දූෂණ සංස්කෘතියේ ගොදුරක් වුණා! දේශපාලඥයන් විතරක් නෙමෙයි නිලධාරීනුත් දූෂණයේ යෙදීම වැළැක්විය යුතුයි! හිටපු ඇමැති නිමල් සිරිපාලගේ කාලෙ වෙච්ච අමිහිරි සිද්ධි ගැන ජපාන තානාපති කතා කරයි!  I Sri Lanka Latest News

0
4


ජපානය, ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටි බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා පවසා තිබේ. 

මේ බව වාර්තා කර තිබෙන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියයි. 

බලයට පත්ව සිටින නව රජය මේ දූෂණ සංස්කෘතිය රටින් තුරන් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටි ජපන් සමාගම් රැසක් මෙම නරක අත්දැකීමට මුහුණ දී ඇති බව පවසන තානාපතිවරයා, ජපන් සමාගම්  කිසිසේත්ම අල්ලස් හෝ කප්පම් ලබා දීම සිදු  නොකරන බවද පවසා තිබේ. 

නව රජයේ කිසිදු දේශපාලනඥයෙක් කිසිදු ආකාරයක දූෂණයට සම්බන්ධ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. 

මේ පිළිබදව අදහස් දක්වමින් ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද දූෂණයේ යෙදීම වැළැක්වීම එක සේ වැදගත් බවයි. 

ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති බැවින් නව ජපන් රට තුළ ආරම්භ කිරීමට ජපානය සූදානම් දැයි තානාපතිවරයාගෙන් ඇසූ විට ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ, නව ව්‍යාපෘති ආරම්භ කිරීම ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව මත තීන්දු වන බවයි.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here