වෙසක් උත්සව සමයේ ජංගම තැබෑරුමක් පැවැත්වූ පොහොට්ටු ප්‍රා. සභාපති අත්තඩංගුවේ

0
4


දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂයේ සභාපති අනුර වීරසූරිය මත්පැන් බෝතල් 123ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්තඩංගුවට ගෙන තිබේ.

මූරිය පොලිසියේ අපරාධ අංශයට ලැබුණු තොරතුරක් මත මාර්ග බාධක යොදවා සිදු කළ පරීක්ෂාවක දී මෙසේ අත්තඩංගුවට ගෙන ඇති අතර ලබන 19 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

වෙසක් සමයේ සුරා සල් වසා තැබෙන කාලය තුළ නීති විරෝධීව අලෙවි කිරීම සඳහා එම මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් සිටි බවට සැක කෙරේ. අදාළ වාහනය ඔහුගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර ඇත. VA බ්ලැක් ලේබල් බෝතල් 12ක්, VAT 6 බෝතල් 12ක්, මිලි ලීටර් 180 ගල් අරක්කු බෝතල් 75ක්, මිලි ලීටර් 500 ලයන් ස්ට්‍රෝන්ග් බීර කෑන් 24ක් මෙසේ අත්තඩංගුවට ගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here