අලදෙනියේදී තවත් බස් රථ අනතුරක්. 29 දෙනෙකු රෝහලට !

0
5


සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, අලදෙනිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ලිස්සා පහළට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (මැයි 12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ 29 දෙනෙකු රෝහල්ගත කර ඇත.

කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ සිට වෙසක් බැලීම සඳහා පැමිණි පිරිසක් රැගත් කුඩා බස් රථයක් යටිහලගල ඔස්සේ අතුරුමාර්ගයක් හරහා කුරුණෑගල බලා ගමන් කරමින් සිටියදී රියදුරුට බසය පාලනය කරගැනීමට නොහැකිවී වංගුවකින් පහළට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූ අය බරිගම, මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here