Tuesday, May 13, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක්

පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක්

0
5


chamari-fined-10-percent-of-match-fee-for-smashing-sunglasses-in-anger-on-the-field

කොළඹදී පැවති කාන්තා තුන්කොන් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී පිටිය තුළ කෝපාන්විත හැසිරීමක නිරතවීම හේතුවෙන් අයිසීසී චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කළ වරදට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් නියම කර ඇත.



අතපත්තු “ජාත්‍යන්තර තරගයකදී ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, පිටියේ උපකරණ හෝ සවිකිරීම් අයුතු ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් වන ක්‍රීඩකයින් හා ක්‍රීඩක සහාය කාර්ය මණ්ඩලය සඳහා වන අයිසීසී චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති බව සොයාගෙන ඇත.
මෙයට අමතරව, අතපත්තුගේ විනය වාර්තාවට එක් වරද සටහනක් එකතු කර ඇති අතර, මාස 24ක කාලයක් තුළ ඇයට එල්ල වූ පළමු වරද මෙයයි.
මෙම සිද්ධිය සිදුවූයේ දකුණු අප්‍රිකාවේ ඉනිමේ 32 වන ඕවරයේදී අන්නෙරී ඩර්ක්සන් විසින් හතරක් ලබා ගැනීමෙන් පසුව අතාපත්තු ඇගේ අව්ව කණ්ණාඩි ගලවා බිමට ගසා කොටස් කිහිපයකට කඩා දැමීමෙනි.


අයිසීසී තීරණය අනුව මෙම ක්‍රියාව ක්‍රීඩාවේ චර්යාධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අතාපත්තුට මූල්‍යමය දඩයක් මෙන්ම විනය වාර්තාවට වරද සටහනක් ද එකතු කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරු හා නායිකා වන අතාපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ඉහළ ප්‍රමිතියකින් යුතු ක්‍රීඩා කිරීමට අවධානය යොමු කරන ලෙස මෙම තීරණය හරහා මතක් කර දී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here