ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු කිහිපයක් ඥාතීන්ට භාර දීමට පියවර ගෙන තිබෙනවා
ඒ කොත්මලේ රෝහලින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ආ මෘත ශරීර 04ක්.
මේ වන විට එම අනතුරින් තුවාල ලැබූවන් 05 දෙනෙකු නාවලපිටිය රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් බස් රථය කොත්මලේ පොලිස් ක්‍රීඩාංගණයේ ගාල් කර තිබෙනවා.
ඒ එම බස් රථය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහායි
විමර්ශන නිලධාරීන් බස් රථය පරීක්ෂා කර පසුව ලබා දෙනු ලබන වාර්තා ඉදිරි කටයුතු සඳහා භාවිත කරන බවත් එතෙක් මෙම අනතුර පිළිබඳව එලැඹෙන බදාදා දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි කොත්මලේ පොලීසිය සඳහන් කර සිටියේ.
Saru FM Media