මව සහ ඇයගේ පෙම්වතා විසින් 10 හැවිරිදි දරුවා ඝාතනය කර ගමන් මල්ලක සැඟවූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.
ගුවහාටි හි බසිස්ත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, උපකාරක පංති ගිය තම දරුවා යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ මව සෙනසුරාදා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ දරුවාගේ මව සැමියාගෙන් වෙන්ව ජෝතිර්මෝයි හලෝයි නැමැති පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවයි.
පොලිසියට එම පුද්ගලයා පිළිබඳව ඇති වූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්නකර ඇති අතර, එහිදී මෙම අපරාධය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.
දරුවාගේ මව සහ ඇයගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා ඇති බවයි විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.
අනතුරුව පොලිසිය විසින් දරුවාගේ සිරුර බහාලූ ගමන් මල්ල පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඒ අසල තිබී දරුවාගේ පාසල් බෑගය ද සොයාගෙන තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ ඔහුගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධය පිටුපස ඇති නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි ගුවහාටි පොලිසිය පැවසුවේ.
Saru FM Media