මෙච්ච ප්‍රතිචාර එයි කියලා මම හිතුවේ නැහැ! Sri Lanka Latest News

0
4


සම්බුදු තෙමඟුල සමරන වෙසක් දිනය උදාවෙන්න තව තියෙන්නේ පැය කීපයයි. ඉතින් මඟ තොටේ හැම තැනම වැඩිපුරම ඇහෙන්නේ බුදුගුණ ගී. ඒ ගී අතර මේ දවස්වල නිතර ඇහෙන ගීයක් තමයි, ‘මටත් පැවිදි දිවි ගෙවන්නට වරම් දෙනු මැන බුදු පියේ….’ කියන ගීතය. එය ගායනා කරන්නේ තක්ෂිලා සෙව්වන්දි. ‘අප්පච්චි’ ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට පිවිසුණු තක්ෂිලා රිදී තිරයේත් දැකගන්න ලැබුණා. රංගනය, ගායනය කියන කලා ක්ෂේත්‍ර රැසක දස්කම් දක්වපු තක්ෂිලා එක්ක අද අපි ‘හාට්’ කියවන ඔබ වෙනුවෙන් කතාබහ කරන්න හිතුවා. Sri Lanka Latest News

ඔබේ අලුත්ම බොදු බැති ගීයට ලැබෙන ප්‍රතිචාර කොහොමද තක්ෂිලා?
ඇත්තටම ඒ ගැන නම් කියන්න වචන නැති තරම්. මගේ සින්දුවට පුදුම ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ තරම් ප්‍රතිචාර ගලාගෙන එයි කියලා මම හිතුවේ නෑ. රැයක් දවාලක් නැතුව මට දුරකතනයෙන් රසික රසිකාවියන් සුබ පතනවා. ඉතින් ගොඩක් සතුටුයි මගේ පළමු සින්දුවට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබුණු එක ගැන. විශේෂයෙන්ම ස්වාමින්වහන්සේලා, මෙහෙණින් වහන්සේලා වගේම තරුණ පිරිසත් මගේ ගීතය වැලඳගෙන තියෙනවා. ඒ වගේම එය මේ දවස්වල මාධ්‍ය හරහා වැඩි වශයෙන් ප්‍රචාරය වෙනවා. වෙසක් කලාපවලත් නිතරම ප්‍රචාරය වෙනවා.

ඇයි තක්ෂිලා මේ වගේ බෞද්ධ ගීයක් ගායනා කරන්න හිතුවේ?
මම පුංචි කාලේ ඉඳලම මෙහෙණින් වහන්සේලාට පුදුමාකාර ආදරයක් ගෞරවයක් දක්වන කෙනෙක්. මෙහෙණින් වහන්සේලාව මම ගොඩක් ළඟින් ඇසුරු කරන නිසා මම හිතුවා උන්වහන්සේලා ගැන ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින්වහන්සේට ඒ අදහස කිව්වා. ඒ අනුව උන්වහන්සේ මට මුලින්ම ලියලා දුන්නා තෙමඟුල සම්බන්ධ ගීයක්. නමුත් මගේ ආශාව තිබුණේ මෙහෙණින් වහන්සේලා සම්බන්ධ ගීයක් ගයන්න. ඊට පසුව උන්වහන්සේ ඒ අදහස කැටිකරලා ලස්සන පද මාලාවක් රචනා කරලා දුන්නා. ඒ විදියට තමයි ‘තෙරණි සසුනේ’ ගීතය බිහිවුණේ.

‘තෙරණි සසුනේ’ ගීතයෙන් සමාජයට යම් පණිවුඩයක් දෙන්න ඔබ අදහස් කළාද?
ඇත්තටම ඔව්. අපේ රටේ මෙහෙණින් වහන්සේලාට තියෙන්නේ ටිකක් අඩු පිළිගැනීමක්. උන්වහන්සේලා ගැන කතාබහ කරන්නේ ඉතා අඩුවෙන්. අද සමාජයේ බොහෝ තරුණියන් ආදරය අහිමි වීම නිසා සියදිවි හානි කරගන්නවා අපි දකිනවා. නමුත් මේ ගීතය හරියට තේරුම් ගත්තොත් එවැනි කඩාවැටීම් තියෙන තරුණියන්ට ලොකු සහනයක් ඉන් ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා.

ඔබත් යම් දවසක මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වේවිද?
අදහසක් තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මගේ ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම ආදරය කළා. ඒ වගේම ආදරයෙන් පීඩා වින්දා. කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙක ඇයි අපි මෙහෙමයි කියලා බදාගෙන ඉන්නේ? මම උත්සාහ කරන්නෙත් බැඳීම් නැති, බලාපොරොත්තු නැති සරල ජීවිතයක් ගතකරන්න. හැම දේම තේරුම් අරගෙන මම පිනක් දහමක් කරගෙන ඉන්නවා.

ඔබේ ඉදිරි රංගන කටයුතු මොනවද?
මම වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාව කියන අංශ තුනටම සම්බන්ධ වුණා. රැලිය, කොමඩි ගී සැඳෑව හරහා මට රටවල් 10ක විතර සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. මගේම කියලා ගීතයක් මම ගායනා කරනවා. බලමු ඉතින් මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් හැම අංශයකින්ම මම කලාවට සම්බන්ධ වෙනවා.

තෙරණි සසුනේ’ ගීතයෙන් පසු ඔබ තවත් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවද?
මම හිතුවේ නැහැ මට සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මට මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම අලුත් පියවරක් ඉදිරියට තියලා කියලා හිතෙනවා. දැනටමත් මට මෙහෙණින් වහන්සේලා රචනා කරපු ගීත පහක් විතර ලැබිලා තියෙනවා. ඒ නිර්මාණවලට උපරිම සාධාරණයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ කුලුඳුල් ගීතයට අත්වැලක් වුණු පිරිසකුත් ඇති නේද?
ඔව්. ඒ සියලු දෙනාගෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ, හාල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ, මාඉන්නලුවේ ධම්මශාන්ති මෙහෙණින් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරනවා. මේ ගීතයට සංගීතය මුසුකළේ ඉඳුනිල් දැරණියගල. රූප රචනා කළේ චතුර ප්‍රභාත් සහ දිලිනි පතිරණගේ. ඒ පිරිස වගේම මගේ මේ ගීතය සාර්ථක කරගැනීමට ශක්තිය දුන්න සියලු දෙනාටම මගේ හද පිරි ප්‍රණාමය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

වසන්ත විතාරණගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here