වෙසක් පොහොයට නිවස ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක් ස්පර්ශ කළ නව හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි සෙව්ණි තක්ෂිලා නැමැති දැරියක්.
විදුලි සැර වැදුණු දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි මොරගහේන පොලිසිය සඳහන් කළේ.
විදුලි බුබුළු වැලේ සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් දැරියට විදුලි සැර වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
නිවසේ ඉදිරිපස සවිකර තිබූ හෝල්ඩරයකින් එම විදුලි බුබුළු වැලට විදුලි සම්බන්ධතාවය ලබාගෙන තිබූ බවත්, නිවසය අර්ත් වයරය කැඩී ගොස් පොළවට සම්බන්ධයක් නොතිබූ බැවින් ක්ෂණිකව විදුලි සම්බන්ධතාවය විසන්ධි නොවී ඇති බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය අද (12) දින හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.
ජීවිතක්ෂයට පත් වූ දැරියගේ මෘත දේහය හෝමාගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
Saru FM Media