නෙත් ශ්වේත පූජා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදී

0
7


මේ අතර නෙත් එෆ් එම් රේඩියෝව වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබෙනවා. 

සෑම පුර පසළොස්වක පොහොය දිනකම සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද උදෑසන උවැසි උවැසියන්ගේ පෙහෙවස් සමාදන් වීමෙන් ආරම්භ වූයේ අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදීයි. 

තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ ද අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදීයි. 

දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් එහිදී දැකබලා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා. 

මාවනැල්ල අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම් මාලාව මැයි මස 14වනදා දක්වා පැවැත්වෙනවා. 

පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පවත්වන විශේෂ ධර්මානුශාසනාවක් එදින රාත්‍රී 09 සිට 12 දක්වා සිදුකරන අතර එය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට නියමිතයි. 

අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබන්නේ මහරගම විශ් පෞද්ගලික රෝහලේ අධිපති විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතායි.

මේ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

Neth Sound · REP SAMEERA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here