සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනය අදයි – ‘දසත බෝපත’ කටුනායක බෝධි රතනාරාමයේ දී

0
6


ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වැදගත්කම් රැසකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර, උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේ දී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැළණියට වැඩම කළේ ද අද වැනි වෙසක් පොහොය දිනකවීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වනවා .

පසුගිය වසරේ උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹී අතර, ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ උඩමළුවේ තැන්පත් කර ඇති සමන්දේව ප්‍රතිමා වහන්සේ යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

මේ අතර සම්බුදු තෙමඟුල වෙනුවෙන් දසත මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘දසත බෝපත’ වෙසක් සජීවි විකාශය කටුනායක බෝධි රතනාරාම විහාරස්ථානයේ සිට අද දිනය පුරා ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here