ගැරඬිඇල්ල අනතුරෙන් 21ක් ජීවිතක්‍ෂයට පත්වෙද්දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තවත් අනතුරක්

0
6


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලැබුවා. 

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කරමින් තිබූ අදාළ ලංගම බස් රථය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එලෙස අනතුරට ලක්වුණා. 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

අනතුරින් තුවාල ලැබූවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ.
 

කතානායක ජගත් වික්‍රමරත්න මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද අනතුර සිදුවූ ස්ථානයට ගොස් නිරීක්‍ෂණය කරමින් තුවාල සිදුවූ පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා. 

මේ, සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා.

Neth Sound · PRASANNA 01

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here