Sunday, May 11, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් බෙල් 212 හෙලිකොප්ටරය මාදුරු ඔය පතුලෙන් ගොඩගනී (video)

බෙල් 212 හෙලිකොප්ටරය මාදුරු ඔය පතුලෙන් ගොඩගනී (video)

0
4


bell-212-helicopter-recovered-from-the-bottom-of-maduru-oya-video

ජීවිත 06ක් බිලිගෙන මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් අද (10) ගොඩගෙන තිබේ. එම අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.

ඊයේ (09) උදෑසන 06.46ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන් ගත වී මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුර වෙත ගොස් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුළු වේලාවකට පසු අනතුරට ලක් ව එය ජලාශයට කඩා වැටිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ හමුදා සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇති බව පොළොන්නරුව මහ රෝහල ප්‍රකාශ කර තිබේ.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔවුන් මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙයි.


කඩාවැටෙන අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා හා කාර්ය මණ්ඩලය ඇතුළු 12 දෙනෙකු ගමන් කර තිබූ අතර අනතුරට ලක් වූ යානයේ ගමන් ගත් සියලු දෙනා මුදාගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර තිබුණි.
එහිදී හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතර දෙනෙකු මියගිය බව ගුවන් හමුදාව නිවේදනය කර තිබුණි..
එම හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් ද පත් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට ගොස් තිබුණි.
යානය ගොඩගත් අවස්ථාවේ වීඩියෝවක් හා ඡායාරූප පහතින්.

bell212 image 1
bell212 image 3


bell212 image 4


bell212 image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here