ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටීමෙන් ඊයේ (09) පෙරවරුවේ අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයයේ ගමන් ගත් 12 දෙනෙකුගෙන් හයදෙනෙකු අවාසනාවනත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
මෙම අනතුර සිදු වූ අවස්ථාවේ දී මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වූ මාඳුරුඔය ජලාශයේ ධීවර කටයුතුවල නිරත වී සිටි ධීවරයින් පිරිසට යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ස්තූතිය පුදකර තිබෙනවා.
ඒ, මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු දැක් වූ නිවේදනයක් නිකුත් කරමින්.
යානය මාඳුරුඔය ජලාශයට කඩා වැටුණු අවස්ථාවේ දී ඒ තුළ සිරවී සිටි පිරිස් බේරාගැනීමට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයින් හට මෙම ධීවරයින් පිරිස විශාල සහයෝගයක් දැක්වූ බවයි යුද හමුදාව පවසන්නේ.
මේ අතර මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක් වූ සෙබලුන්ගේ හැකියාව සහ ඔවුන් සතු විශේෂ මෙහෙයුම් උපකරණ භාවිත කර සිදුවීමට තිබූ ජීවිත හානිය අවමකර ගැනීමට හැකි වූ බවයි යුද හමුදාව අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.
මේ අතර අනතුරට ලක්වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
Saru FM Media