ඉදිරි මාස 18ක කාලය තුළ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා පවසනවා. ආණ්ඩුවට සේම විපක්ෂයටද එම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දෙන රත්නායක මහතාගේ එම ජ්‍යොතිෂ විද්‍යානුකූල පැහැදිලි කිරීම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.Sri Lanka Latest News
‘ඉදිරි දහඅට මාසයේ පෙරළි බහුලයි – රටයි ආණ්ඩුවයි සීරුවෙන්’. මේක තමයි මම අද කතාකරන්න බලාපොරොත්තු වෙන පුරෝකථනයේ තේමාව. ඔබ දැනටමත් දන්නවා ඇති මැයි 18 වැනිදා රාහු ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙන බව. රාහු ග්‍රහයාත් කුම්භ රාශියත් ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් ඇතිකරන අවස්ථාවක් හැටියටයි හැම විටම පෙන්නුම් කරන්නේ. මේ ග්‍රහයා කුම්භ රාශිය තමයි ලංකාවේ කේන්ද්‍රයේ ලග්නය. ඒ ලග්නය මත රාහු ගමන් කරන හැම විටකම ලංකාවේ සමාජ දේශපාලන පෙරළි, විපර්යාස, සමාජයේ කැලඹීම් තත්ත්වයන් හටගෙන තියෙනවා. ඒ වගේම 2025දී රාහු, කුම්භරාශිගත වීමත් ලංකාවට විශේෂයෙන් බලපානවා. 2025 මැයි 18 වැනිදා සිට 2026 දෙසැම්බර් මාසය දක්වා රාහු ගමන් කරන්නේ කුම්භ රාශියේ. මේ නිසා වෙන්න පුළුවන් මොකක්ද? අතීතයේ වෙච්ච දේවල් ඒ විදියටම වෙන්නේ නෑ. ඒවා ඒ විදියටම වෙනවා නම් ඒක විකාරයක්. හැබැයි අපි අතීතය සාක්ෂියක් කොට ගන්න ඕනේ අපි කරන පුරෝකථනවල නිරවද්‍යභාවය සහ සාධනීය බව වෙනුවෙන්.
රාහු ග්‍රහයා කුම්භරාශිගත වීම නිසා අපි බලමු මැයි මාසේ සිට ලංකාවට මොකක්ද වෙන්න යන්නේ කියලා. මම ඉහතින් කියපු මූලික තේමාව යටතේ ඔබට කරුණු 12ක් කියන්නම්. ඉන් පළමු එක තමයි 2025 මැයි මාසේ 18 දිනයෙන් ආරම්භ වෙන රාහුගේ කුම්භ රාශි ගමන සහ ඉදිරි 18 මාසය වර්තමාන බලයේ ඉන්න ජාතික ජන බලවේග ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක් බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා. ඒක ඉතා පැහැදිලිව ඔබට ඉදිරි කාලයේදී දකින්න ලැබේවි. දෙවැනි කරුණ තමයි රාහු ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ ලග්නය උඩ ගමන් කරද්දී පවතින ආණ්ඩුව කවරක් වුණත්, ඒ අයට සමාජයට ඉතා හිතකර විදියේ අභියෝගාත්මක පෙරළිකාර, විප්ලවකාරී, නිර්භීත තීන්දු අරගෙන රටට ජනතාවට යහපත් දෙයක් කිරීමට අවස්ථාව ලබා දෙනවා. පවතින ආණ්ඩුව කුමක් වුණත්, ජනාධිපති කවුරු වුණත් ලංකාවේ ඉතිහාසයේ දෛවය විසින් අනර්ඝ අවස්ථාවක් දෙනවා රටේ යහපත් පැවැත්ම සඳහා අභියෝග නොතකා හරි දේ හරි විදියට වේගයෙන් කරන්න. ඒ පණිවුඩය හරියට ගත්තොත් වර්තමාන ආණ්ඩුව ඔවුන් බොහොම වේගවත් රැඩිකල් පන්නයේ නවීකාරක ගමන් මාර්ගයකට යොමුවෙනවා. ඒකෙන් බොහෝ විට අපට අපේක්ෂා කරන්න පුළුවන් දෙයක් තමයි අධ්‍යාපනය, ආර්ථිකය, සමාජ දේශපාලන ක්ෂේත්‍රය, නීතිරීති, සමාජ පෙළගැසීම් මේ හැම දෙයක්ම නවීකරණය වීම හා ප්‍රතිසංස්කරණ මාලාවක් යටතේ අලුත් රටක් බවට පත්කිරීමට ඔවුන්ට අනර්ඝ අවස්ථාවක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදීත් අලුත් රටක් හදනවා කියලා ඔවුන් කිව්වා. ඒ අනුව ඉතිහාසයේ දෛවය විසින් 2025 මැයි මාසේ 18 වැනිදා සිටම ඒ අවස්ථාව උදාකරලා දීලා තියෙනවා.
මම මීට පෙර අවස්ථාවක ප්‍රසිද්ධියේම කිව්වා මහ මැතිවරණය සඳහා තෝරාගත්ත දිනය අනුචිත බව. එම දිනය පසුකරලා වෙනත් දිනයක් මහ මැතිවරණයට යොදාගත්තා නම් ඒක වඩාත් හොඳයි කියන එකයි මගේ මතය වෙන්නේ. දැනටම ඒකේ ආදීනව පෙනෙන්න තියෙනවා. මොකද තුනෙන් දෙකක බලයක් හිමිවුණා 2020දීත්. ඔය වගේම ග්‍රහචාරයක් ඒ වෙලාවෙත් තිබුණේ. ඒ ආණ්ඩුව ඉතා ඉක්මනින් අපකීර්තියට පත්වුණා. සුජාතභාවය නැතිකර ගත්තා. තුනෙන් දෙකක් තිබිලත් අන්තිමට අතරමැදදී අසාර්ථක වුණා. මම කියන්නේ නෑ ඒ දේම මේ ආණ්ඩුවටත් වෙනවා කියලා. නමුත් හැම විටම මේ පූර්වාදර්ශ සහ අතීත සිදුවීම්වලින් පාඩමක් ඉගෙනගත යුතුයි. ඒ අනුව ආණ්ඩුවට මේ ලැබිලා තියෙන ඉතිහාසයේ දෛවීය අවස්ථාව ඔවුන් පාවිච්චියට ගත්තේ නැතිනම්, ඔවුන් එය නොතකා හැරියොත්, ඔවුන් ඒ අවස්ථාව නාස්ති කරගත්තොත්, ඒක වැරැදි විදියට භාවිත කළොත් මොකද වෙන්නේ? මේ ආණ්ඩුවට එවැනි අවස්ථාවක් යළි කිසි දිනෙක ලැබෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ ඔවුන් දිගින් දිගටම අසමත් වීම කියන කාරණය පෙන්නුම් කරනවා මේ 18 මාසයේ ක්‍රියාකාරිත්වය අනුව. ඒකයි මම කිව්වේ ආණ්ඩුවේ පැවැත්ම සහ ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ ඉතා තීරණාත්මක 18 මාසයක් තමයි මේ ගමන් කරන්නේ කියලා. නමුත් හොඳ පැත්තට ගියොත් එය රටට ඉතාම හොඳයි.
ආණ්ඩුව ඒ කටයුතු කරගෙන යන අතරේ ඊට සමාන්තරව සහ ප්‍රතිරෝධීව සමාජයේ විවිධාකාර වූ දේශපාලන බලවේග වේගයෙන් නැගීසිටිනවා. විශේෂයෙන් කියන්න ඕනේ ඒවා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නෙවෙයි. ඒවා අලුත් බලවේග. නවීකාරක ලක්ෂණ සහිතව එළියට එන බලවේග. ඒ අයගේ හැඩරුව වෙනස්. ඒවා අපි මෙතෙක් දැකලා නැති ඒවා වෙන්න පුළුවන්. ඒවා ඇතුළේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මේ ප්‍රතිරෝධී දේශපාලන බලවේග, විකල්ප සමාජ දේශපාලන මතවාද ආණ්ඩුවට එරෙහිව නැගීසිටිනවා. ඒකත් අපිට මැයි මාසයේ සිටම දකින්න ලැබෙනවා. ආණ්ඩුව කොච්චර හොඳ දෙයක් කළත් විරුද්ධවාදීකම් ප්‍රබලව නැගී සිටිනවා. නමුත් ඒ නැගීසිටින බලවේග මායිම් කරන්නේ නැතුව සහ විශේෂයෙන්ම ඒවාත් එක්ක නොගැටී ආණ්ඩුව තමන්ගේ න්‍යායපත්‍රය මතම විශ්වාස තියලා ඉදිරියට යන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඒක තමයි ග්‍රහචාරය සකස් වෙලා තියෙන ආකාරය. බාධක නොතකා, අභියෝග නොතකා, තමන්ගේ න්‍යායපත්‍රය, තමන්ගේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඉතා හොඳට බලය තියෙනවා. දෛවය ඒ අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ඒ පැත්තට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඊළඟට ආණ්ඩුවේ න්‍යායපත්‍රයට එරෙහිව මතුවෙන දේශපාලන බලවේග හෝ පුද්ගලයන් මර්දනය කරන්න හෝ ඔවුන් නිහඬ කිරීමට හෝ නොයෙක් ආකාරයෙන් ඒවාට එරෙහිව ප්‍රචණ්ඩ ආකාරයෙන් බලය යොදන්න ආණ්ඩුවට හිතුණොත්, ඒක හමාර වෙන්නේ ඛේදවාචකයකින්. එය මගේ පුරෝකථනයක්. ඒකත් එක්ක වත්මන් ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම අහෝසි වී යෑම අපේක්ෂා කරන්න පුළුවන්. මේක ග්‍රහචාරය අනුව සෙල්ලමක් නොවන බව කිව්වේ ඒකයි. ඒ බලවේග පිළිගනිමින් වැඩකිරීම මිස බලවේග නැති විරුද්ධවාදීන් නැති වාතාවරණයක් හදාගෙන වැඩකරන්න ආණ්ඩුවට බැහැ. ආණ්ඩුව හිතුවොත් අපි කරන වැඩවලට කිසිවකු විරුද්ධ නොවන තත්ත්වයේ රටක් පවත්වාගෙන මේක කරන්න ඕනේ කියලා, එතැනින්ම ආණ්ඩුවේ ගමන හමාර වෙනවා. ඒක අවසන් වෙන්නේ ඛේදවාචකයකින්. මීට පෙර අතීතයේදීත් අපි එවැනි අවස්ථා තුන්පාරක්ම දැකලා තියෙනවා. 1971දී ජේ.වී.පී., 1988-89 කාලේ ජේ.වී.පී., 2007-2008 කාලෙදී එල්.ටී.ටී.ඊ. සංවිධානය. ඔය අවස්ථා තුනම ජයග්‍රහණය ලැබුවේ නැහැ. ඒක නිසා ඒ අතීත අත්දැකීම් අනුසාරයෙන් හරියට පාවිච්චියට ගත්තොත් මේක සුඛාන්තයකින් කෙළවර කරගන්න පුළුවන්. ඛේදවාචකයකින් අවසන් වෙන්නේ නැහැ.
වත්මන් ආණ්ඩුවට එරෙහිව එන විරෝධතා, මතභේදකාරී ඉස්මතුවීම් හැම එකක්ම වගේ උපාය කෞෂල්‍යය, මහජන මතය පලිහක් කරගෙන අර විරුද්ධවාදී කඳවුරු උපක්‍රමශීලීව දුර්වල කරන්න ආණ්ඩුවට හැකියාව තියෙනවා. රාහු එවැනි දේ කරනවා. ඉතා සියුම් ප්‍රයෝගකාරී ඥානයක් ඇතිකරලා දෙනවා. වැඩේ වුණාට පස්සේ තමයි කට්ටිය දන්නේ මොකක්ද වුණේ කියලා. ඔබට මතක ඇති යම් යම් ආණ්ඩු තියෙන කාලවල ඒ පවතින ආණ්ඩුවට එරෙහිව හයියෙන්ම කෑගහපු ඇතැම් අය, බෙරිහන්දීගෙන කෑගහපු අය, ඉදිරි පෙළේ සටන් කරපු අය ටික කාලයක් යනකොට තමන් බැන්න ආණ්ඩුවේම කොටස්කාරයෝ වෙච්ච අවස්ථා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න බලපාන ක්‍රමයක් තියෙනවා. රාහු ග්‍රහයාගේ කුම්භ රාශි ගමනේදී එවැනි සියුම් ආකාරයේ ජයග්‍රහණ විරුද්ධවාදී කඳවුරු දුබල කිරීමේ උපාය කෞෂල්‍යයන් මැනැවින් අරගෙන දෙනවා. රටේ ලග්නය කියන්නේ ලංකාවේ ඔළුව. ලංකාවේ ඔළුව පාලනය කරන්නේ රටේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව. ඒ ආණ්ඩුවට ඒ විඥානය තියෙනවා. ග්‍රහචාරය අනුව පහළ වෙනවා. පාවිච්චි කරනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.
ඒ වගේම ආණ්ඩුවට හැම විටම බලකරලා සිටින්නේ තනියම දේවල් කරනවා කියන එක පෙන්වීම නෙවෙයි. පොදු ජාතික සම්මුතියක් අනුව මේක කරනවා කියන ඒ නිරහංකාර ප්‍රවේශය ගැනීම තමයි ග්‍රහචාරය අනුව ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ මේක අපේ වැඩක් හැටියටම කරන එක නෙවෙයි, ඒක පොදුවේ ජාතික අවශ්‍යතාවක්, ජාතික සම්මුතියක් අනුව කෙරෙන එකක් හැටියට ඒ ප්‍රවේශය ගත්තොත් එය සාර්ථක වෙනවා. එහෙම තමයි හැම විටම ලංකාව ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ අනුව මේ ඉතිහාසයේ දෛවයත් රාහු විසින් ඒ පණිවුඩය තමයි බලයේ ඉන්න පාලකයන්ට දෙන්නේ. ඒ පණිවුඩය ඒගොල්ලෝ කොහොම භාරගනීවිද කියන එක මම දන්නෙත් නැහැ, ඔබ දන්නෙත් නැහැ. ඒ අයම තමයි ඒක දන්නේ.
ඒ වගේම වැඩවර්ජන, වෘත්තීය ක්‍රියාමාර්ග, කඩාකප්පල් කිරීම්, මහජන සාමය බිඳදැමීම්, ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් අපේක්ෂා කරන්න වෙනවා මේ කාලයේදී. සමාජයේ විවිධාකාරයෙන් නොසන්සුන්තා තීව්‍ර වෙනවා. ඒවා චේතනාන්විතව හා චේතානාවක් නැතිව අහඹු ලෙස හටගන්නා සිදුවීමුත් තියෙනවා. මහජන නොසන්සුන්කාරී තත්ත්වයන් වැඩි වර්ධනය වෙන කාලයක් තමයි මේ මාස 18ක කාලය. හැබැයි ඒ කිසිදු විරුද්ධවාදී කඩාකප්පල්කාරී වැඩකටවත් ආණ්ඩුවේ ගමන නවත්තන්න බැහැ. ඒ අයට ඒ ක්‍රමයෙන් ජයග්‍රහණය කරන්නත් බැහැ. ඒවා අනිවාර්යයෙන් පරාජයට පත්වෙනවා. 1971 ජේ.වී.පී. එකේ වගේම, 88-89 ජේ.වී.පී. එක වගේම, එල්.ටී.ටී.ඊ. සංවිධානය වගේම එවැනි කඩාකප්පල්කාරී ක්‍රමයකට හිස ඔසවන ඕනෑම විරුද්ධ දේශපාලන පක්ෂයක් නියත වශයෙන්ම පරාජයට පත්වෙනවා. එතකොට විරුද්ධ දේශපාලන පක්ෂවලටත් මේකෙන් පණිවුඩයක් ලැබෙනවා. ස්වයං නාශක තත්ත්වයන්ට නොයා බොහොම සාමකාමී මාර්ගයන් ඔස්සේ තමන්ගේ දේශපාලන කටයුතු කළොත් ඒක රටටත්, ඔබටත් හොඳයි. රටේ මහජන සාමය බිඳවට්ටන, නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිකරන, අත්‍යාවශ්‍ය සේවා බිඳවට්ටන වැඩ වර්ජන, වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඔවුන් හිතුවොත් ඒක සිද්ධ වෙන්නේ නෑ. එය අවසන් වෙන්නේ පරාජයකින්. දෙපැත්තටම ඒකෙන් දැඩි හානි සිදුවෙන්න පුළුවන්. ඒකත් ඒ විරුද්ධ දේශපාලන පක්ෂවලට රාහු ග්‍රහයා කුම්භ රාශිය තුළ සිටිද්දී ලබාදෙන පැහැදිලි පණිවුඩයක්.
ඒ වගේම, අලුත් දේශපාලන බලවේග හිස ඔසවනවා කියලා මම කලින් කිව්වා. ඒවා අලුත්ම දේශපාලන ප්‍රවණතා. නවීකාරකයි. අන්න ඒ නවීකාරක සමාජ දේශපාලන ව්‍යාපාර සාම්ප්‍රදායික විපක්ෂයටත් ආණ්ඩුවටත් අභියෝගයක් බවට පත්වෙනවා. ඇත්තටම වැඩිම අභියෝගය බවට පත්වෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂයටයි. සාම්ප්‍රදායික විපක්ෂයටත් මේ රාහු ග්‍රහයාගේ කුම්භ රාශි ගමනේ පණිවුඩයක් තියෙනවා. ඔබගේ ක්‍රියාකලාපය එක්කෝ නවීකාරකත්වයන් දක්වා පරිවර්තනය කරගත යුතුයි. නොඑසේ නම් අලුතෙන් හටගන්න කොඩියක් යටතේ ගාටන්න තමයි ඔබට සිදුවෙන්නේ. මේ විදියේ පණිවුඩ ගොඩක් රාහු ග්‍රහයා දෙනවා. සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට දෙන ප්‍රබල පණිවුඩය තමයි, ඔය සාම්ප්‍රදායික විදියටම ගියොත් ඔබ දේශපාලනයෙන් අහෝසි වෙනවා, ඔබව පෙරළගෙන අලුත් බලවේග එනවා කියන එක. එතකොට ඔබට සිදුවෙන්නේ, ඔබ කොච්චර ජ්‍යෙෂ්ඨයෙක්, කොච්චර අත්දැකීම් සහිත කෙනෙක් වුණත් අලුතෙන් මතුවෙන බලවේග පසුපස ගාටන්න.
මේ ඔක්කොම මැද්දේ ලංකාවේ ආර්ථිකය ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා. රාහු ග්‍රහයා කුම්භ රාශියේ ගමන් කරමින් සිටි අතීත පූර්ව අත්දැකීම් ගත්තාම එහෙම ආර්ථික වශයෙන් ලොකු පරිහානියකට පත්වෙලා නැහැ. අද හැමෝම කියන්නේ ණය ගෙවාගන්න බැරිවෙයි, ඇඟලුම් කර්මාන්තය වැටෙයි වගේ දේවල්නේ. නමුත් එහෙම දෙයක් නම් මගේ පුරෝකථනයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ අනුව, ආර්ථිකය තුළ කොච්චර කලබලකාරී තත්ත්වයන් තිබුණත්, ආර්ථික වශයෙන් රට ක්‍රමානුකූලව ස්ථාවර තත්ත්වයක් දක්වා ගෙන යන්න ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩකඩ සහ බලය තියෙනවා. අවස්ථාව තියෙනවා. එවැනි ආර්ථික ඛේදවාචකයක් අපේක්ෂා කරන්න බැහැ මේ යන ගමනේදී. කොහොම හරි රටේ ආර්ථික තත්ත්වයේ යහපැවැත්මක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒක අපි හැමෝටම රාහු ග්‍රහයා කුම්භ රාශියේ සිට දෙන හොඳ පණිවුඩයක්.
ඊළඟ කාරණාව තමයි රාහු ග්‍රහයා මීන සහ කුම්භ රාශිවල ගමන් කරද්දී හැම විටම විදේශ අතපෙවීම් ලංකාවට වෙලා තියෙනවා. මතභේදකාරී ගිවිසුම් සඳහා ලංකා රජය අකැමැත්තෙන් වුණත් එළඹිලා තියෙනවා. කරන්නම බැරි තැන හිරවෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා අතීතයේදීත්. එක උදාහරණයක් විදියට, 87-88 කාලේ අකැමැත්තෙන් වුණත් ලංකාවේ පාලකයන්ට සිද්ධ වුණා ඉන්දු-ලංකා ගිවිසුමට එකඟ වෙන්න. ඒක කැමැත්තෙන් කළා කියලා කියන්න බෑ. නමුත් අවසානයේ මොකද වුණේ? ඒ බලපෑම කරපු පිරිස පරාජයට පත්වුණා. ලංකාවට ඒකෙන් හානියක් වුණේ නැහැ. නමුත් මේ කාලයේදී අපිට අපේක්ෂා කරන්න පුළුවන් එවැනි විදේශ අතපෙවීම්, ඇතැම් විට ඍජු හා වක්‍ර බලහත්කාරයන්, අහිතකර පෙළඹවීම් යටතේ ලංකාව එක්ක එකඟතා, ගිවිසුම් ඇතිවෙන්න පුළුවන්. නමුත් අතීතයේ දී නම් මේවට වෙලා තියෙන්නේ ඒවා කෙටි කලකට පීඩාවක් දුන්නත්, දිගුකාලීනව රටට වාසියක් වෙලා තියෙනවා. අපිට පීඩනය දෙන්න ආපු පිරිසටම ඒ පීඩනය භූමරංගයක් වගේ පෙරළා ඔවුන් කරාම ගිහින් තියෙනවා.
මෙවැනි ග්‍රහචාරයන් තියෙන හැම විටකම අපිට විදේශ බලපෑම් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් බලපෑම් ඇවිල්ලා තියෙනවා. ඒක පුදුම දෙයක්. මේකත් එක්ක ගැටගැහිලාමයි එන්නේ. දැනුත් කනින් කොනින් ආරංචි තියෙනවනේ ඒ විදියේ බලපෑම් තියෙනවා කියලා. එතකොට ඒ බලපෑම් මොකක් වුණත් අතීතයේ නම් මේවා අවසන් වෙලා තියෙන්නේ අපිට හානියක් නොවන විදියට. අපිට බලය පාපු අයටම විනාශයක් වෙන විදියට තමයි ඒක අවසන් වෙලා තියෙන්නේ. ඉතින් අපි විවෘතව බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. නමුත් මගේ පුරෝකථනය නම් මේකෙන් ලංකාවට අවාසියක් වෙන්නේ නෑ කියන එකයි. ඒක දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි. මම මේක කිව්වේ ග්‍රහචාරයේ පෙළගැස්ම අනුවයි.
2025 මැයි 18 වැනිදා සිට 2026 දෙසැම්බර් මාසය දක්වා සහ ඉන් ඉදිරියට ආණ්ඩුවේ පැවැත්ම තීරණය වෙන්නේ මේ 18 මාසයේ එළඹෙන තීරණාත්මක ක්‍රියාකලාපයේදී ආණ්ඩුව ගන්න තීන්දු අනුව බව මම කලින් කිව්වා. ඒක මම නැවත අවධාරණය කරනවා. ඊළඟ එක ලංකාවට කෙළින්ම සහ වක්‍රව සම්බන්ධ වන දෙයක්. අපි කැමැති වුණත් අකැමැති වුණත් අපේ අසල්වැසියා ඉන්දියාව. මෙවැනි ග්‍රහචාරයක් තිබියදී සිදුවෙන දේ තමයි කොයි තරම් බලවත් තත්ත්වයක හිටියත් ඉන්දියාව තමන්ගේ එතෙක් පැවැති සමාජ දේශපාලන ස්ථාවරභාවයට බරපතළ තර්ජන ඇතිකරගෙන තියෙනවා මෙවැනි ග්‍රහචාරයක් තියෙද්දී. ඒ වගේම දකුණු ආසියානු දේශපාලනයේ හැඩතලය, පෙළගැසීමුත් වෙනස් වෙලා තියෙනවා. ඒක අපිට මෙවරත් අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ නමුත් ඒ දේත් අපිට වක්‍රව සහ ඍජුව සාධනීය බලපෑමක් බවට පත්කරගන්න මනා හැකියාවක් තියෙනවා. මේක තමයි 2025 මැයි මාසේ 18 වැනිදා සිට 2026 දෙසැම්බර් අතර කාලයේදී රාහු ග්‍රහයා 18 මාසයක් පුරා ලංකා කේන්ද්‍රයේ ලග්නය උඩ ගමන් කිරීමෙන් ඇතිවෙන සමාජ දේශපාලන පුරෝකථනය හැටියට මම පෙළගස්වන කෙටි කාරණා ටික. මේ සියල්ලම පුරෝකථන මිස, දේශපාලන ප්‍රකාශ නොවන බවත් අවසාන වශයෙන් මතක් කරන්න කැමැතියි.
KCJ Astrology යූටියුබ් නාලිකාවෙනි
(සැකසුම – චානක ලියනගේ)
Saru FM Media