ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක ලබන 15 වනදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරින් ඉවත් වෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇත්තේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔහුගේ එම ඉල්ලීම පිළිගෙන ඇති බවයි.
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගියා.
අනතුරුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට පත් කෙරුණා.
Saru FM Media