බැසිල්ගේ ගෝලයෙකුට අවුරුදු 20ක්

0
5


බැසිල් රාජපක්ෂ ඇමති ධුරය දැරූ සමයේ දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා දුන් පුද්ගලයෙකු තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වැරදිකරු බවට තීරණය කර වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

මෙම තිදරු මවගේ සත් හැවිරිදි පුතෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් මූල්‍යාධාර ලබා දෙන ලෙස දිවි නැගුම නිලධාරියා මගින් ඉල්ලුම් පත්‍ර ලබා දී තිබිණි. එම ආධාරය ලබා දීමට මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති අතර ඇය පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල අනුව 2015 මාර්තු 31 එම කොමිසමේ නිලධාරීන් ද සමඟ තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට අදාළ මව ගොස් තිබිණි. එහිදී අත්තඩංගුවට ගත් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබූ අතර වසර 10කට ආසන්න කාලයක් පුරා නඩුව විභාග කිරීමෙන් අනතුරුව ඊයේ එම තීන්දුව ලබා දී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here