T20 ලෝක කුසලානයේ ලංකාවේ තණ තීරු ගැන ICCයේ දැඩි අවධානය

0
11

ලබන සතියේ ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග ගැන අයිසීසිය දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.

ඔවුන්ගේ අවධානය විශේෂයෙන් යොමුව ඇත්තේ තරග පැවැත්වෙන ප්‍රේමදාස, එස්.එස්.සී. හා පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණ වල තණ තීරු පිළිබඳවය.

වාර්තා වන අන්දමට මෙයට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග වලදී ඒ ඒ ක්‍රීඩාංගණ වල තණ තීරු සකසන්නන්ට විවිධ පාර්ශ්ව මගින් බලපෑම් එල්ල කිරීමයි.

මෙය මධ්‍යස්ථ තණ තීරු සකසන්නන්ගේ රාජකාරියට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙන බව අයිසීසියට වාර්තා වී ඇත.

මෙම බලපෑම් වැඩි හරියක් ලැබෙන්නේ පුහුණුකරුගෙන් බවද දැන ගන්නට ලැබී තිබේ.

මේ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ වල තණතීරු සැකසීම ගැන අයිසීසිය විශේෂ අවධානයකින් පසුවන බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් අයිසීසී තරගාවලියක තණතීරු සැකසීම සිදුකරනු ලබන්නේ අයිසීසිය මගින් පත් කරනු ලබන තණතීරු expert කෙනෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේය.
මෙහිදී කිසිදු කණ්ඩායමකට හිතකර නොවන මධ්‍යස්ථ තණතීරු සකස් කිරීම අයිසීසියේ වගකීමකි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here