නාමල් සජිත් රනිල් හවුලට මොකක් වෙයිද?

0
4


කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීම සඳහා නාමල් රනිල් සජිත් හවුලක් පිහිටුවා ගැනීමට දරණ ලද ප්‍රයත්නය නිසා අලුතින් අර්බුද ගණනාවක් මතු වී ඇති බව අනාවරණය වේ.

බලය කෙසේ හෝ ඇල්ලිය යුතු බවට එම පක්ෂ තුළ පිරිසක් විවිධ අවස්ථාවල සාකච්ඡා පවත්වා ඇත. ඊට අමතරව, මාධ්‍ය හමු පවත්වමින් ද ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ එක් වී නව හවුලක් ගොඩ නගා ගනිමින් සමගි ජන බලවේගය මෙන් ම වෙනත් කණ්ඩායම් ද දිනා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබේ. එහෙත් සජිත් ප්‍රේමදාස දිලිත් ජයවීරගේ ස්ථාවරය ගනිමින් දේශපාලන උපක්‍රමයක් යෙදීමට සැලසුම් කරන බව හෙළි වී ඇත.

මේ නිසා ම, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ සජිත් ප්‍රේමදාස අතර අලුතින් ගැටුමක් ද වර්ධනය වී ඇතැයි හෙළි වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here