අවසන් සටන කා සමගද? තරගය තවමත් විවෘතයි

0
7

ආසියානු කුසලානයට ඩුබායි පොලිසියෙන් දැඩි තීරණයක්

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

ආසියානු කුසලාන තරගවාලියේ මේ වන විට ක්‍රියාත්මක වන සුපිරි හතර දෙනාගේ වටයේ තරග දිනෙන් දින උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

පසුගියදා අවසන් වූ ඉන්දීය පාකිස්තාන තරගයේදී ද ඉතා උණුසුම් අවස්ථා රැසකට මුල පිරුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන ප්‍රශ්න මතු කරමිනි.

සාම්ප්‍රදායි ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය දේශපාලනික දේශසීමාව අරගලයක යෙදෙමින් මිල්ටරි ආකෘතිවලට ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණි.

ඉන්දියාව හමුවේ පාකිස්තානය පරාජිත ක්‍රීඩා විලාසය ගැන ද බොහෝ දෙනා කතා බහට ලක් කළහ. එහි එක උදාහරණයක් වන්නේ ඉන්දීය පාකිස්තාන තරගයේදී 3 වැනි පන්දු වාරයේදී ෆකාර් සමාන් ලකුණු 15ක් ලබා සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගිය බව තෙවැනි විනිසුරු වූ රුචිර පල්ලිගුරු තීරණය කළා. ඉන්දීය පන්දු යවන්නන්ට හොඳින් පහර දෙමින් සිටි ෆකාර් සමාන් තෙවැනි විනිසුරුගේ තීරණයට දැක්වූයේ විරෝධයකි. තවද ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය සමග උණුසුම් වාදයක් ඇතිකර ගන්නට හැරිස් රවුෆ් ක්‍රියාකර තිබිණි.

තවද තරගයක් අවසානයේ ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් කියා සිටියේ පකිස්තාන ක්‍රීඩකයන් කිසිදු හේතුවක් නැතිව අපිත් එක්ක පැටලෙන්න ආව ඒකට මට ටිකක් අවුල් වුණා. ඒ නිසා තමයි මම හොඳට බැට් කළේ කියලා.

ඒ අනුව දිනෙන් දින තරග උණුසුම වෙමින් ආසියානු කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායමේ දෙක තවමත් කවුරු ද යන්න තීරණය වී නැහැ. සුපිරි හතර දෙනාගේ වටයේදී තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන අතර එය බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයත් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අතර තරගයත්ය.

ඩුබායි පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ආසියානු කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළ විනය කඩකිරීමට ලක්කරන ප්‍රේක්‍ෂකයන්ට නීතිය අනුව ක්‍රියාත්මක කරන බවයි. තවද ලබාගන්නා ටිකට් පතට අදාළව ඇතුළුවීමට ඇති දොරටු පමණක් භාවිතා කරන මෙන් දැනුම් දී තිබේ.

සුසිල් ජයකොඩි – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here