මේෂ
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති සාද, මංගල සාද වැනි දේවල්හි සහභාගි වීමට යෙදෙන අතර අමතර වියපැහැදම් අධික දිනකි. නව නිර්මාණ ඇරඹීමට ද හේතුයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 07
වෘෂභ
රාජකාරිවලදී දෙවරක් සිතා බලා තීරණ ගත යුතුය. තම ඇසුරුකරන්නන් නිසාම විවේචනවලට ලක්වීමේ ඉඩ තිබේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවේ. වැය ඉහළයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 01
මිථුන
ක්‍රියාකාරකම් බහුලයි. සමාජ සද්කාරක ක්‍රිියාද යෙදේ. තමන් ගන්නා තීරණවලට බාහිර බලපෑම් එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළයුතුය. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. අමතර ලාභ ද ලබයි. ආමාශගත රෝග ද මතුවෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
කටක
ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. තරමක් ගමන් බිමන්ද බහුල දිනකි. නව නිර්මාණකරණයට හේතුයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හදිසි ධන ලාභ සම්පත් ලබයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 04
සිංහ
ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. හවුල් ව්‍යාපාරවලින් ජය ලබයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සෙම් බහුල වීමෙන් හටගන්නා රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 01
කන්‍යා
ශුභඵල මතුකරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රැකියා ලාභ ලබයි. රැකියා ස්ථානවල ප්‍රධාන වෙයි. යාන වාහන මිලට ගැනීමට හා විකිණීමට ශුභයි. ආමාශගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 05
තුලා
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරදිග නොබලා ක්‍රියා කරයි. තරමක් අවාසි සිදු කරගනී. සන්ධි වාත රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුර ගමන් බිමන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. නව නිපැයුම් සිදුකිරීමට ශුභ දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08
ධනු
තරමක් විනෝදයෙන් දවස ක්‍රියා කරයි. යටපත්වූ වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදෙන අතර වැදගතුන් ඇසුරට පත්වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 02
මකර
ක්‍රියාකාරි දිනකි. තම ඥාතීන් සමග ගමන් බිමන් යෙදේ. තම වෙළෙඳ ව්‍යාපාරවල දියුණුව දැකගත හැකි දිනකි. විදෙස්ගත වීම් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදේ. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 06
කුම්භ
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් තරමක් යෙදෙන අතර ප්‍රීති උත්සව ද යෙදෙන දිනකි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා මතු කරයි. තරමක් වියපැහැදම් අධික දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන
රාජකාරි මෙන්ම අමතර ක්‍රියා බහුලවීමෙන් අවිවේකී බව ඇති කරයි. ලිපි ලේඛන, රචනා ආදී ක්‍රියාවන්ගෙන් ජයගෙන දෙයි. ප්‍රේම සබඳතා ඇතිවේ. ඇති සම්බන්ධතා වර්ධනය වේ. ශිරෝ රෝග, උගුරේ අමාරු මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09
Saru FM Media