ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයට ගුවන් මගින් පැමිණි කාන්තාවක් විසින් සඟවා ගෙන සිටි ග්‍රෑම් 1002.2 ක් බර රත්තරන් කරල් දෙකක් රේගුව විසින් පෙරේදා (22 දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කරල් වශයෙන් නිපදවන ලද මෙම රත්තරන් කරල් දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ 35ක් පමණ වන බවට ගණන් බලා තිබේ. සැකකාරිය කොළඹ 14 පදිංචි වයස අවුරුදු 41ක කාන්තාවක් වන අතර ඇය කටුනායකින් රත්තරන් කරල් රැගෙන පැමිණීමේදී නිලධාරීන්ට හසුවනු ඇතැයි යන බිය මත යාපනයට පැමිණ තිබේ. එහෙත් රේගු නිලධාරීන්ට මෙම කාන්තාව පිළිබඳව සැක සිතී ඇයව පරීක්ෂා කිරීමේදී ඇය විසින් සඟවා ගෙන රැගෙන එන ලද රත්තරන් කරල් දෙක හමුවී තිබේ. රේගු නිලධාරීන් විසින් ඇයව මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව ඔක්තෝබර් මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කොට ඇත.
දිනසේන රතුගමගේ
Saru FM Media