ෂේප් එකේ වැඩේ කරගෙන යන්න..! අගමැති හරිනිට එරෙහිව විපක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිලි කළා! මැතිවරණ කොමිසම පොලිස්පතිට ලියුමක් යවලා! VIDEO I Sri Lanka Latest News

0
5


පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන් අමතා අග්‍රාමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශය හරහා මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් සිදු වී ඇත්නම්, ඒ පිළිබදව විමර්ශනය කර සුදුසු පියවර ගන්නා ලෙස, මැතිවරණ කොමිසම, වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. නමුත් ඔබ එසේ විය යුතු නැහැ. ඔබට තවමත් දුරකථන ඇමතුමකින් හෝ පාරේ යන එන ගමන් යමක් කීමෙන් හෝ ෂේප් එකේ වැඩේ කරගෙන යන්න පුලුවන්..”

අගමැතිනිය ප්‍රසිද්ධ වේදිකාවක එසේ පවසා තිබුණු අතර, සමාජ මාධ්‍ය තුළ ඇගේ එම ප්‍රකාශය දැඩිව විවේචනයට ලක් කර තිබුණි. 

කෙසේ වෙතත්, ඈ සිදු කර තිබුණු මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇගෙන්ම ප්‍රශ්න කර තිබුණු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයි පවසා තිබුණේ, සිය ප්‍රකාශයෙන් මැතිවරණ නීතිය උල්ලංඝණය වීමක් සිදු වී ඇත්නම් ඊට අදාල නීතිමය පියවරයන්ට යටත් වීමට තමා සූදානම් බවයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here