යසයි පෝල්රාජ් නෝනා, යසයි !

0
8


පර්සනලි, මට නම් මේ සිදුවීම තමයි මාලිමා රජය ගැන කෙරෙන ලිට්මස් පරීක්ෂාව. මම දරන දේශපාලන මතය වෙනස්. නමුත් නව රජය පත්වුන දවසෙ සිට අද දක්වා බරපතල විවේචන කිසිවක් නොකර රට යන අත නිහඬව නිරීක්ෂණය කරමින් හිටි කෙනෙක් මම.

වෙනකක් තබා ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ වලදිත් මාලිමා රජයට යම් “Grace period” එකක් ලබා දිය යුතුයි කියන තැන, එක රැයින් ඔවුන්ට සමහර දේවල් ගැන පලපුරුද්දක් ගන්න බැරි නිසා අපිත් මදක් ඉවසිය යුතුයි කියන තැන පුරවැසියෙක් විදියට මම ඉන්නවා.

නමුත්, දේවල් සිද්දවෙන්නෙ මේ විදියට නම්, ඉතාම කණගාටුයි! අපිට කිසිවක් නොලියා ඉන්න බැරිවෙනවා.

රටේ අගමැති තනතුර, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තනතුර දරන්නේ කාන්තාවො දෙදෙනෙක්. ඔබතුමීලා දැනටත් ප්‍රමාදයි, නමුත් දැන්වත් රටබයිලා ගහන්නැතුව මේ මියගිය දරුවගෙ නමට හරි සාධාරණයක් කරපල්ලා බං. මේක ඔබතුමීලගෙ උගත්කමට, තනතුරුවලට විතරක් නෙමෙයි ගෑණුකමටත් ලැජ්ජාවක් !

~ යශෝධා සම්මානී



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here