
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (9) උදෑසන මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ විසින් තහවුරු කරන ලදී.
මෙම අනතුර සිදුවී ඇත්තේ මදුරු ඔය කමාන්ඩෝ යුද්ධ හමුදා කඳවුරේ පැවති විසිරයෑමේ පෙළපාලි සංදර්ශනයක් අතරතුරදීය. තොරතුරු අනුව, අදාළ හෙලිකොප්ටර් යානයේ විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් 11 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම සිදුවීම හේතුවෙන් සැලසුම් කර තිබූ විසිර යෑමේ උත්සවය කල් තැබීමට යුද්ධ හමුදාව තීරණය කර ඇත.
ගුවන් හමුදා මාධ්‍ය අංශය විසින් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවත්, අනතුරට හේතුව පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් දන්වා සිටී.
Saru FM Media