වීසා කල් ඉකුත් ව තිබියදීත් මෙරට රැඳී සිටි බංගලි පිරිමි 34ක් අත්අඩංගුවට

0
8


සිය වීසා කාලය ඉක්මවා තිබියදීත්, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 34 දෙනෙකු ඊයේ (08) පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම විදෙස් ජාතිකයින් වයස අවුරුදු 19-54ත් අතර පසුවන බංග්ලාදේශ ජාතික පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරු කිහිපයක් මත පදනම් වෙමින් මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පිරිස වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානයේ ‍රඳවා තබා සිටින අතර , ඔවුන් හැකි ඉක්මනින් බංග්ලාදේශය බලා පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනිමින් සිටින බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here