නව නායකත්වය තෝරා පත්කර ගැනේ

0
5


ලෝකය පුරා විසිරී සිටින කෝටි 140ක් පමණ වන කිතුනුවන්ගේ නව නායකතුමන් ලෙස රොබට් ෆ්‍රාන්සිස් ප්‍රිවෝස්ට් (Robert Prevost) කාඩිනල් තුමන්ව වතිකානුවේදී ඊයේ (08) පැවති රහස් ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබීය.

ලොව පුරා විසිරී සිටින කාඩිනල් හිමිවරුන්ගේ රහස් ඡන්දයෙන් නව පාප් වහන්සේ තෝරා පත්කර ගත් අතර එම පදවියට පත් 267 වැන්නා රොබර්ට් ප්‍රිවෝස්ට් කාඩිනල්තුමන් ය. එතුමන් 14 වැනි ලියෝ පාප් තුමා ලෙස නම් කර සිටී. 69 හැවිරිදි එතුමා ඇමරිකන් කාඩිනල්වරයෙකි.

ශාන්ත පීටර් චතුරශ්‍රයට රැස් වී සිටි දස දහස් ගණනක කිතුනුවන් හට මෙම තෝරා පත්කර ගැනීම පිළිබඳව සුදු දුමාරයක් පිට කිරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය අනුව දැනුම් දෙනු ලැබීය. ශුද්ධෝතම ෆැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් පසු මෙතුමන් පත් කර ගනු ලැබීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here