Friday, May 9, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ජනාධිපති අනුර වියට්නාමයේ සිට ආ විශේෂ ගුවන් යානය ගැන හෙළිදරව් කෙරේ

ජනාධිපති අනුර වියට්නාමයේ සිට ආ විශේෂ ගුවන් යානය ගැන හෙළිදරව් කෙරේ

0
6


president-anuradhas-special-plane-from-vietnam-revealed

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සිදුකළ නිල සංචාරයෙන් පසු ලංකාවට පැමිණීමේදී භාවිතා කළ පෞද්ගලික ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ පළවෙමින් පවතී. මෙම ගුවන් යානයේ වියදම් දැරීම සම්බන්ධයෙන්

මතුව ඇති ගැටලුවට පිළිතුරු ලබාදෙමින් අද පාර්ලිමේන්තුවේදී ඇමති විජිත පැහැදිලි කිරීමක් සිදුකර ඇත. මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කළ ප්‍රශ්න කිරීමකට ඒ ගැන පිළිතුරු දී තිබුණි.



ගුවන් යානය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රධාන ගැටලුවට පිළිතුරු දෙමින් පැහැදිලි කර සිටියේ:
“ලංකාවට එන විශේෂ ගුවන් යානය සඳහා සම්පූර්ණ වියදම දරා ඇත්තේ වියට්නාමයේ බෞද්ධ සංගමය විසිනි. ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකාවේ ජනතාව සත පහක්වත් මේ වෙනුවෙන් වියදම් කර නැත.”
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මුලදී වියට්නාම රජය විසින් මෙම වියදම දරන බව ප්‍රකාශ කර තිබුණත්, සැබවින්ම මෙම වියදම දරා ඇත්තේ වියට්නාමයේ බෞද්ධ සංගමය බවයි. තවදුරටත් පැහැදිලි කරමින් සඳහන් කළේ:

  1.  වියට්නාම සංචාරය සඳහා ශ්‍රී ලංකා රජයේ ගුවන් ගමන් ටිකට්පත් වියදම් පමණක් දරා ඇති බව
  2.  නවාතැන් පහසුකම්, අභ්‍යන්තර ගමනාගමන පහසුකම් ආදිය සියල්ල වියට්නාම රජය විසින් ලබා දී ඇති බව
  3. ආපසු පැමිණීම සඳහා වූ විශේෂ ගුවන් යානයේ සම්පූර්ණ වියදම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ බෞද්ධ සංවිධාන කමිටුව විසින් දරා ඇති බව

 මෙම සියලු කටයුතු වියට්නාම රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධාන කමිටුව ඒකාබද්ධව සම්පාදනය කර ඇති බවද ඔහු අවධාරණය කරයි.

gossiplanka image 1


gossiplanka image 3



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here