අම්පාර මහඔය අධ්‍යාපන කලාපයේ ඉද්දපොල විද්‍යාලයේ සිසුන් පිරිසකට දෙබරු පහරදීමෙන් තුවාල ලැබූ සිසුන්, විදුහල්පතිනිය සහ තවත් ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු හතළිස් හත්දෙනෙකු ඊයේ (23) දහවල් 12.50 ට පමණ මහඔය මූලික රෝහලට ඇතුලත් කළ බව මහඔය පොලිසිය සදහන් කරයි.
දෙබරු ඇවිස්සීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සිසුන්ට දෙබරු පහරදීම සිදු වද්දී ඔවුන් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන යෑමට මැදිහත් වූ විදුහල්පතිනිය ගුරුවරු හා දෙමාපියන් මෙලෙස දෙබර ප්‍රහාරයට ලක්ව ඇත.
ඉද්දපොල විද්‍යාලයේ පිරිමි සිසුන් දහ අට දෙනෙක් , ගැහැණු සිසුවියන් දහ හතර දෙනෙක් , විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් හත් දෙනෙකු හා දෙමාපියන් අට දෙනෙකු මෙලෙස දෙබරු ඇනීමෙන් තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මොවුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru FM Media