පකිස්ථානයේ ලාහොර් නුවර පිපිරීම් තුනක්

0
8


පකිස්ථානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව තිබෙනවා. 

වෝල්ටන් ගුවන්තොටුපළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් යන ප්‍රදේශවලින් එම පිපිරීම් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඒ, පකිස්ථානය විසින් ඉන්දියාවට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර දිනකට පසුවයි. 

ලාහෝර් නගරයේ සිදු වූ එම පිපිරීමත් සමඟ සයිරන් හඬ ඇසුණු බවත් නිවැසියන් තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. 

මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළව ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 
 

කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ. 

පකිස්ථාන බලධාරීන් පවසන්නේ වෝල්ටන් ගුවන්තොටුපළ අසලදී ඉන්දියානු ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලු බවයි. 

ඉන්දියාව විසින් මේ වන විටත් ඩ්‍රෝන් ප්‍රහාරයක් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here