2025 මුල් මාස අටේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි

0
7

මේ වසරේ (2025) මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවා ගොස් ඇත.

මේ අනුව මේ වසරේ (2025) මුල් මාස අටේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32 ක් වන අතර එය ගිය වසරේ ( 2024 ) එම කාලයට සාපේක්ෂව සියයට  6.61 ක වර්ධනයකි.

මේ හේතුවෙන් මේ වසරේ (2025 ) මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන අව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා  මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

“ මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීම සහ වෙළදපොල අවස්ථා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලීය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී තිබෙනවා.’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here