ලාහෝර් වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

0
5


පාකිස්ථානයේ, ලාහෝර් නුවර වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන්. 

කෙසේවෙතත් කරච්චි නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල සංශෝධනයක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ. 

මේ අතර ඉන්දියාව වෙත සිදු කෙරන ගුවන් ගමන්වල වෙනසක් සිදු කර නොමැති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here