
අමාත්‍ය මණ්ඩලය විසින් විභාග කොමසාරිස් ජනරාල් සහ සර්වේයර් ජනරාල් තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත. මෙම පත්කිරීම් දෙකම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් තනතුරට සුභාෂිණී ලියනගේ මහත්මිය
විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරමින් සිටි එච්.ජේ.එම්.සී.ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දින අවසන් වීමත් සමඟ, එම තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඒ.කේ. සුභාෂිණී ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කර ඇත.
ලියනගේ මහත්මිය දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක් දරමින් සිටියාය. මෙම පත්කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
සර්වේයර් ජනරාල් තනතුරට ඥානතිලක මහතා
එසේම, ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ යූ.කේ.එස්.පී. විජේසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් 2025 ජනවාරි 22 වන දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. මෙම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වයි.ජී. ඥානතිලක මහතා පත් කර ඇත.
මෙම පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
මෙම පත්කිරීම් දෙකම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති අතර, නව නිලධාරීන් දෙදෙනා ඉදිරියේදී ඔවුන්ගේ රාජකාරි කටයුතු භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Saru FM Media