රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

0
3


ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා. 

එංගලන්ත කණ්ඩායම සමඟ පැවත් වීමට නියමිත තරග සංචාරයෙන් පසුව රෝහිත් ශර්මා නායකත්වයෙන් ඉවත් වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.        

කෙසේවෙතත් රෝහිත් ශර්මා එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කිරිමට නියමිතයි.

රෝහිත් ශර්මා සිය ටෙස්ට් හිස්වැසුම සහිත ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පළ කරමින් සදහන් කර ඇත්තේ “සුදු ඇඳුමින් සැරසී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්” බවත් “වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ ආදරය සහ සහයෝගයට ස්තූතියි” යනුවෙන්. 

එමගින් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම තහවුරු කර තිබෙනවා. 
 

2024 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග බිමෙන් ද විශ්‍රාම ගනු ලැබුවා. 

එම තරගාවලියේදී රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ ශූරතාව දිනාගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ශර්මා, ටෙස්ට් තරග 67ක ඉනිම් 116ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර එමගින් ලකුණු 4,301ක් රැස්කර තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here