පුංචි ඡන්දයට සහය දැක්වූ සැමට මැතිවරණ කොමිසමෙන් තුති

0
5


නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය දැක්වූ සියලු පාර්ශවවලට සිය ස්තුතිය පුද කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

 

Neth Sound · ELE SAMAN 01

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද හතළින් පන් ලක්ෂ තුන්දහස් 930ක් ලබා ගනිමින් සභික ධූර 3,927ක් දිනා ගනු ලැබුවා. 

එම පක්ෂය ආයතන 265ක් දිනා ගනු ලැබුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින්. 

ඡන්ද විසි දෙලක්ෂ පනස් අටදහස් 480ක් හිමි වූ සමගි ජනබලවේගයට සභික ධුර 1,767ක් හිමි වුණා. වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් එම පක්ෂය පළාත් පාලන ආයතන 14ක් හිමි කර ගත්තා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව නව ලක්ෂ 54,517ක්. 

ඒ අනුව එම පක්ෂයට සභික ධුර 742ක් හිමිව තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයටද සභික ධුර 381ක් හිමි වුණා. 

එම පක්ෂයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී හිමි වූ ඡන්ද සංඛ්‍යාව හාර ලක්ෂ 88,406ක්.  
 

ජන්ද දෙලක්‍ෂ 94,681ක් හිමි වූ සර්වජන බලයට සභික ධුර 226ක් හිමි වුණා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here