ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාර හේතුවෙන් ඉන්දීය සිවිල් වැසියන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් යන ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඒ, ඉන්දියාව විසින් පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.
කෙසේවෙතත් අදාළ ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් 550කට ආසන්න ප්‍රමාණයක්ද අවලංගු කර තිබෙනවා.
ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්ථානයේ සියලුම වාණිජ ගුවන් ගමන්වලින් සියයට 16ක් අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Saru FM Media