Thursday, May 8, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ලේඩීස් කොලෙජ් දැරිය පැහැරගන්න හැදූ පුද්ගලයා හසුවේ

ලේඩීස් කොලෙජ් දැරිය පැහැරගන්න හැදූ පුද්ගලයා හසුවේ

0
6


the-person-who-planned-to-kidnap-the-ladys-college-girl-was-caught

කොළඹ කාන්තා විදයාලයේ  වයස අවුරුදු 08 ක දැරියක හා ඇගේ මව බියට පත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
 පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 01) කොළඹ කාන්තා විද්‍යාලය (ලේඩීස් කොලෙජ්) අසල සිසුවියක පැහැරගැනීමේ උත්සාහයක නිරතවූ මෙම පුද්ගලයා ගැන සිසු දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණි.

පොලිස් වාර්තා අනුව, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ශිෂ්‍යාව පාසලෙන් රැගෙන යාමට පැමිණි මවගේ වාහනය තුළදීය. මව තම දියණිය පාසලෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ වාහනය නවතා තිබියදී, හදිසියේම නාඳුනන පුද්ගලයෙකු වාහනයට ඇතුළු වී දැරිය වාඩි වී සිටි පිටුපස අසුනට නැග ඇත
පසුව එම නාඳුනන පුද්ගලයා, මවගෙන් වාහනය ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. කාන්තාව කම්පනයට පත්ව, තම දියණිය එම සැකකරුගෙන් ඉවතට ගෙන, උදව් ඉල්ලා හඬ නගමින් වාහනයෙන් පිටතට පැන ඇති අතර, එම අවස්ථාවේ සැකකරු එම ස්ථානයෙන් පළා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කර සිටියේ, අප්‍රේල් 29 සහ 30 යන දිනවල එම පාසල අසල ආරක්ෂක කැමරා දර්ශනවලට හසු වී ඇති එම පුද්ගලයා සැරිසරමින් සිටින ආකාරය ද දක්නට ලැබී තිබූ බවයි. මේ අනුව, මෙම පුද්ගලයා කලින් සිටම මෙම සිද්ධිය සැලසුම් කර ඇති බවට සැක කෙරේ.


සැකකරු සිද්ධියෙන් පසු පලා ගොස් සිට ඇති අතර, ඔහු පෞද්ගලික කුලී රථ සේවයක
මෝටර් රථයක් භාවිතා කරමින් ප්‍රදේශයෙන් පිටව ගොස්  තිබූ බවටද තොරතුරු
අනාවරණය වීමෙන් පසුව, කුරුඳුවත්ත පොලිසිය දීර්ඝ විමර්ශනයක් සිදු කර ඔහු
අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
කුරුඳුවත්ත පොලිස් ස්ථානය විසින් කාර් රථයකට අනවසරයෙන් ඇතුළුවූ අය සම්බන්ධ ලැබුණ සාක්ෂි අනුව සැකකරු වයස අවුරුදු 36 ක කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
කුරුඳුවත්ත පොලිස් ස්ථානය දීර්ඝ විමර්ශනයක් සිදු කර සැකකරු 2025 මැයි 07 වන අද දින කොලොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ සැබෑ අරමුණ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තාවී නැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.


gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here