කුරුවිට බන්ධනාගාරය ඇතුළේ හෝකන්දර රැඳවියෙක් දිවි නසා ගනී

0
8

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියකු 21 වැනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කුරුවිට පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇතතේ හෝකන්දර පදිංචි අවුරුදු 46 ක් වන අජිත් ප්‍රියන්ත නමැති එක්දරු පියකු බව පොලිසිය කියයි.

21 වැනිදා අලුයම මෙම රැඳවියා කුරුවිට බන්ධනාගාරයේ එච් වාට්ටුවේ දී තුවායකින් ගෙල වැලලාගෙන එල්ලී සිට ඇති බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කරමින් සිටිය දී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය සහ සොරකම් සම්බන්ධව අවිස්සාවේල්ල අධිකරණය මගින් මෙම මස 13 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. රත්නපුර ශික්ෂණ රෝහලේ දී ඊයේ (22 දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.
රත්නපුර නිශාන්ත වික්‍රමසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here