Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ෂේප් එකේ වැඩේ කරන්න කියූ කතාව ගැන – හරිනි පිළිතුරු දෙයි

ෂේප් එකේ වැඩේ කරන්න කියූ කතාව ගැන – හරිනි පිළිතුරු දෙයි

0
9


harini-speaks

මැතිවරණ නිහඬ කාලය තුළ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට පොලඹවන අයුරින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර සිය ප්‍රකාශය සම්බන්ධයෙන්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  අද (මැයි 06) මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රතිචාර දැක්වීය. ඇය තම අදහස් දක්වමින්,

මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ අදහසකින් නෙවෙයි. මං ඒක කිව්වෙ පැහැදිලිවම කිව්වා නිල වශයෙන් අපේ ප්‍රචාරක කටයුතු අවසන් විය යුතුයි, අවසන් කරන්න ඕනේ කියලා.
එතන මගේ වූ නීති උල්ලංඝනය වීමක් සිද්ධ වුණා නම් මැතිවරණ කොමිසම ගන්න ක්‍රියාමාර්ග, අගමැතිද කවුද කියන එක නෑ. ඒක මටත් අදාළ වෙනවා. ඒකට මම ගරු කරනවා සහ මම සතුටු වෙනවා


 මොකෝ ඉස්සර මේ වගේ දේවල්වලට නෙවෙයිනේ චෝදනා ආවේ. මීට වඩා බරපතළ දේවල් සිදු වූනේ. ජනතාව මේවා ගැන අවදියෙන් ඉන්න එක, පොඩි වැරැද්දක් හරි වුණොත් ඒක පෙන්වා දෙන එකත් මං කියන්නේ මේ ඇතිවෙලා තියෙන දේශපාලන වෙනසේ එක ලකුණක්

යැයි ද පැවසුවාය.

දැන් අපි ස්ටෑන්ඩර්ඩ් එක උස්සලා තියෙන්නෙ. පොඩි හරි වැරැද්දක් කරන්න බෑ. එක වචනයක් නිසා වෙන්න බෑ. මිනිස්සු එක එක දකිනවා. මොකෝ අර දැවැන්ත දේවල් සිද්ධ වෙන්නැති කොට, අමු අමුවේ දේවල් උල්ලංඝනය වෙන්නැති කොට, ඇත්තටම මේ වගේ දේවල්වලට උනත් මෙහෙම ප්‍රතිචාරය වටිනවා



අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය.
අගමැතිනිය අවසානයේ සඳහන් කළේ, “මම නම් දකින්නේ අර වෙනස් වෙලා තියෙන දේ සඳහා දේශපාලන සංස්කෘතිය සමාජයේ තවත් ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තියෙනවා කියන එක තවත් එක්තරා විදිහකට ඔප්පු වෙලා තියෙන්නේ” යනුවෙනි.
පැෆ්රල් සංවිධානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව නිල වශයෙන් ප්‍රකාශිත නිහඬ කාලය තුළ සිදු කළ ප්‍රකාශයක් මගින් මැතිවරණ නීති උල්ලංඝනය වී ඇතැයි පවසමිනි. පැමිණිල්ලේ සඳහන් පරිදි, අගමැතිනියගේ එම ප්‍රකාශය මැතිවරණ නිහඬ කාලයේදී වෙනත් අපේක්ෂකයින් විසින් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ඉඩක් සලසන බවත්, එය සමස්ත මැතිවරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වයට හානිකර බවත් ය.
මෙම පැමිණිල්ල මැයි 05 වන දින මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here