පළාත් පාලන මැතිවරණය සාමකාමිවත් ප්‍රජාතන්ත්‍රවාදීවත් නිදහස් නිවහල් මැතිවරණයක් ලෙස පැවැත්වෙයි කියා අපේක්ෂා කරන බවත් මෙරට ජනතාවට ගමේ හා නගරයේ බලය තීරණය කිරීමේ අවස්ථාව නිර්මාණය වන බවත් සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු ගම් හදා රට හදන නගර හදා රට හදන වැඩපිළිවෙළට එක්වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
2025 පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී. එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ජනතාවට ලබා දිය යුතු දේශපාලන පණිවිඩ නිත්‍යානුකූලව ලබා දිය යුතු කාලයේ එම දේශපාලන පණිවිඩ ලබා දුන් බවත් එම නිසා නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැද ගන්නා ලෙසත් එහි දී ජනතාව ලබා දෙන තීරණයට සියලු දෙනාම ගරු කරන ලෙසත් මැතිවරණ නීති කඩ නොකර විධිමත්ව මේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.




Saru FM Media