දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයකට ස්වල්ප වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, මධ්‍යම, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා
Saru FM Media