යුක්‍රේන ඩ්‍රෝන බියෙන් මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපොළවල් වැසේ

0
4


යුක්‍රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියාව පවසනවා.

ඒ, හේතුවෙන් ආරක්ෂාව සහතික කිරීම සඳහා මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපොළවල් හතරම තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ විවිධ දිශාවලින් පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 19ක් නගරයට ළඟා වීමට පෙර විනාශ කර දැමූ බවයි.

ඒවායේ සුන්බුන් කිහිපයක් නගරයට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයකට වැටී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව නගරාධිපතිවරයා පැවසුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්‍රේනය තවමත් අදහස් දක්වා නැහැ.

මේ අතර රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් යුක්‍රේන ඩ්‍රෝන යානා 26 ක් එක රැයකින් විනාශ කළ බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here