පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

0
5


2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක දී අද (06) පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඒ, සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සීය තිස් අටක්.

දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14කින් අපේක්ෂකයින් 75, 589ක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරනු ලබනවා.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මහ නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් මේ අතරට ඇතුළත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here