සීනිමෝදර ප්‍රදේශයෙන් හමුවූ පිරිමි මළ සිරුරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

0
7

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පවතින නිවසක තිබී හමුවූ පිරිමි මළ සිරුරු දෙක සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ.

අදාළ සිරුරු තංගල්ල පොලිිසිය විසින් අද (22) උදෑසන සොයාගනු ලැබීය.

තංගල්ල, සීනිමෝදර පැරණි නිවසක් මිලදී ගත් තැනැත්තෙකු විසින් ඒ වටා තාප්පයක් ඉදිකරවා ඇති අතර දින ගණනක් පුරා එහි ඉදිකිරීම් සිදුකරමින් තිබුණු බව වාර්තා වෙයි.

නිවස අලුත්වැඩියා කිරීමට කම්කරුවන් තිදෙනෙක් එක්ව සිට ඇති අතර ඔවුන් එම නිවස තුළ ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී හදිසියේ අසනීප වූ අයෙක් ඒ බව සිය දරුවන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් පැමිණ එම පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

එම තැනැත්තා අද අලුයම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් තිබුණේ 50 හැවිරිදි තුසිත කුමාර නම් තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණය පිළිබඳ ඔහුගේ දරුවන් තංගල්ල පොලීසියට පැමිණිලි කිරීමත් සමඟ පොලිස් නිලධාරීන්, ඉදිකෙරෙමින් පවතින නිවසට අද ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නිවසේ කාමරයක් තුළ තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී ඇත්තේ ඒ අනුවය.

මියගොස් තිබුණේ කවිඳු කල්හාර නමැති 21 හැවිරිදි සහ ධනුක ලක්ෂාන් නම් 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මළ සිරුරු දෙක අසල අයිස් මත්ද්‍රව්‍ය ද තිබූ බව පොලීසිය සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here