පුංචි ඡන්දයට සියල්ල සූදානම් – මැතිවරණ කොමිසම කියයි

0
5


හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ හෙට දිනයේ කල්වේලා ඇතිව ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශය කරන ලෙස සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

Neth Sound · ELE RATHNAYAKA 01

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මධ්‍යස්ථාන 13,759කදී හෙට උදෑසන 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත් වෙනවා.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටක්.

පළාත් පාලන ආයතන 339ක කොට්ඨාස 4,877ක ඡන්ද විමසීම පැවැත්වෙනවා.

එමඟින් තෝරා පත්කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 8,287ක්. ඒ සඳහා දේශපාලන පක්ෂ 49කින් සහ ස්වාධීන කණ්ඩායම් 257කින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය සහ ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද දිනයේදී සිදු කෙරුණා.

මේ අතර හෙට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.

Neth Sound · SSP MANATHUNGA 04



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here