රෂිකා හෙන්නායක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (05) පෙරවරුවේ වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ.
එහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වියට්නාම ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලුඕං කුඕං මහතාගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව සඳහන් වේ.
ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණේ දෙරටේ ඓතිහාසික මිතුදම අර්ථවත් කරමිනි
Saru FM Media