නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට

0
4


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් රැගෙනා ආ විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් හතර ලක්ෂ හතලිස් පන් දහසක් පමණ වන බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායිහි රියැදුරුවරයෙකු ලෙස රැකියාවක නිරත වී සිටින කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු එම විදේශීය දුම්වැටි තොගය ඩුබායි රාජ්‍යයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව බහරේනය වෙත පැමිණ එතැන් සිට ජී.එෆ් – 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු විසින් රැගෙන ආ දුම්වැටි 25,400ක් අඩංගු දුම්වැටි කාටූන් 127ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය පිළිබඳ විධිමත් රේගු විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව එම දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here