විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

0
11

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

පැවති වර්ෂාවත් සමඟ අද තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවිය.

ඒ හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා විය.

ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 තුළ සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 133කි. 

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්හ.

පන්දුයැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන කඩුලු  තුන බැගින් බිඳහෙළුහ. 

ශ්‍රී ලංකාවට එරෙහිව 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ සෑම් කරන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලදී. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here