Update – ගල්කිස්ස වෙඩි තැබීමේ තොරතුරු කිහිපයක් එළියට (වීඩියෝ)

0
4


ගල්කිස්ස, වෙරළ පාර ප්‍රදේශයේ දී අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් 19 හැවිරිදි ප්‍රවීන් නිස්සංක නැමැති තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, එම තරුණයා නගර සභා සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

මෙම තරුණයා අද (05) උදෑසන වෙරළ පාරට හැරෙන මංසන්ධියේ ශාන්ත සිල්වෙස්ටර් අතුරු මාර්ගය අතුගාමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා අනතුරුව ප්‍රධාන මාර්ගය දෙසට දිවගොස් ඇති අතර, ඔහු පසුපස හඹා ආ වෙඩික්කරු ගල්කිස්ස, වෙරළ පාර ආසන්නයේ වෙළඳසැලක් ඉදිරිපිට දී තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ තරුණයා නිම්මි සුමේදා ෆොන්සේකා නොහොත් චතුරි යන අයගේ පුත්‍රයෙකුවන අතර, ඇය මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව මත රක්ෂිත බන්ධාගාර ගතව පසුවන බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් උ තරුණයා ද 2023 වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට පත්ව ඇති අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here