බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නැහැ.අවභාවිත කිරීම් අවමයි.91 සිට පැවති හොඳම පුංචි ජන්දය (VIDEO)

0
5


කොළඹ LNW:1991 සිට මේ දක්වා පැවති පළාත් පලාන මැතිවරණ සම්බන්ධයෙන් විමසීමේදී මෙවර පැවැත්වෙන පළාත් පාලන ජන්ද විමසීම පොදු දේපල,රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් ඉතාම අවම මැතිවරණය ලෙස ඉතිහාස් ගතවන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

රට තුළ ඉතාම යහපත් මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතින බවයි ගජනායක මහතා සඳහන් කළේ.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වීම අතින්ද සාධනීය බවක පෙන්නුම් කර තිබෙන අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන ලද අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටද ශ්‍රී ලංකා පොලීසියට හැකි වූ බවද ගජනායක මහතා කියාසිටියේය.

ඒ අනුව මෙම යහපත් මැතිවරණ සංස්කෘතිය ඉදිරි ජන්ද විමසිම්වලදීද වර්ධනය කර ගැනීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here